මුල් පිටුවට

සූරතය/ පරිච්ඡේදය

සෙවුම
මිතුරන් දැනුවත් කිරීමට
Facebook Twitter Google LinkedIn Email

විමසීම්

සූරත් අල්-බකරා (එළදෙන) :ආයත් 165-176
මක්කාහ්වෙහි දී හෙළිදරව් කෙරුණකි. ආයාත් 286 කි.
وَ مِنَ النَّاسِ مَنْ يَتَّخِذُ مِنْ دُونِ اللهِ أَنْدَادًا يُحِبُّونَهُمْ كَحُبِّ اللهِ وَ الَّذِينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلَّهِ وَ لَوْ يَرَى الَّذِينَ ظَلَمُوا إِذْ يَرَوْنَ الْعَذَابَ أَنَّ الْقُوَّةَ لِلَّهِ جَمِيعًا وَ أَنَّ اللهَ شَدِيدُ الْعَذَابِ 165 إِذْ تَبَرَّأَ الَّذِينَ اتُّبِعُوا مِنَ الَّذِينَ اتَّبَعُوا وَ رَأَوُا الْعَذَابَ وَ تَقَطَّعَتْ بِهِمُ الْأَسْبَابُ 166 وَ قَالَ الَّذِينَ اتَّبَعُوا لَوْ أَنَّ لَنَا كَرَّةً فَنَتَبَرَّأَ مِنْهُمْ كَمَا تَبَرَّءُوا مِنَّا كَذَلِكَ يُرِيهِمُ اللهُ أَعْمَالَهُمْ حَسَرَاتٍ عَلَيْهِمْ وَ مَا هُمْ بِخَارِجِينَ مِنَ النَّارِ 167 يَا أَيُّهَا النَّاسُ كُلُوا مِمَّا فِي الْأَرْضِ حَلَالًا طَيِّبًا وَ لَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ 168 إِنَّمَا يَأْمُرُكُمْ بِالسُّوءِ وَالْفَحْشَاءِ وَ أَنْ تَقُولُوا عَلَى اللهِ مَا لَا تَعْلَمُونَ 169 وَ إِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنْزَلَ اللهُ قَالُوا بَلْ نَتَّبِعُ مَا أَلْفَيْنَا عَلَيْهِ آبَاءَنَا أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لَا يَعْقِلُونَ شَيْئًا وَ لَا يَهْتَدُونَ 170 وَ مَثَلُ الَّذِينَ كَفَرُوا كَمَثَلِ الَّذِي يَنْعِقُ بِمَا لَا يَسْمَعُ إِلَّا دُعَاءً وَ نِدَاءً صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَعْقِلُونَ 171 يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَ اشْكُرُوا لِلَّهِ إِنْ كُنْتُمْ إِيَّاهُ تَعْبُدُونَ 172 إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنْزِيرِ وَ مَا أُهِلَّ بِهِ لِغَيْرِ اللهِ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَ لَا عَادٍ فَلَا إِثْمَ عَلَيْهِ إِنَّ اللهَ غَفُورٌ رَحِيمٌ 173 إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلَ اللهُ مِنَ الْكِتَابِ وَ يَشْتَرُونَ بِهِ ثَمَنًا قَلِيلًا أُولَئِكَ مَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ إِلَّا النَّارَ وَ لَا يُكَلِّمُهُمُ اللهُ يَوْمَ الْقِيَامَةِ وَ لَا يُزَكِّيهِمْ وَ لَهُمْ عَذَابٌ أَلِيمٌ 174 أُولَئِكَ الَّذِينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدَى وَ الْعَذَابَ بِالْمَغْفِرَةِ فَمَا أَصْبَرَهُمْ عَلَى النَّارِ 175 ذَلِكَ بِأَنَّ اللهَ نَزَّلَ الْكِتَابَ بِالْحَقِّ وَ إِنَّ الَّذِينَ اخْتَلَفُوا فِي الْكِتَابِ لَفِي شِقَاقٍ بَعِيدٍ 176
සිංහලෙන් අර්ථකථනය
(165) (අවනත වීමට) අල්ලාහ් හැර සමානයන් ගන්නා අය ජනයින් අතුරින් වෙති. අල්ලාහ්ට ප්‍රිය කරන්නාක් මෙන්ම ඔවුහු ඔවුනට ප්‍රිය කරති. නමුත් විශ්වාස කළ අය අල්ලාහ්ට (පමණක්) දැඩි ලෙස ප්‍රිය කරන්නෝ වෙති. අපරාධකරුවන් දඬුවම දකින විට සියලු බලය අල්ලාහ්ට ය තවද සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි බව ඔවුහු දැනගත යුතු නොවෙත් ද! (166) අනුගමනය කරනු ලැබූවන් අනුගමනය කළවුන්ගෙන් වෙන් වී ඔවුහු දඬුවම දැක ඔවුන් අතර තිබූ සාධක නිෂ්ඵල වී ගිය විට (දැඩි පීඩාවට පත්වනු ඇත.) (167) සැබැවින් ම අපටත් වාරයක් ඇත්නම් ඔවුන් අපගෙන් වෙන්වී ගියාක් මෙන්ම අප ද වෙන් වන්නෙමු යැයි අනුගමනය කළ අය පවසති. එලෙසය අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුනට දුක්ගැනවිල්ලක් ලෙස පෙන්වනුයේ. තවද ඔවුහු නිරා ගින්නෙන් බැහැරවන්නෝ නොවෙති. (168) අහෝ ජනයිනි ! මහපොළවේ ඇති දැයින් (නුඹලාට අනුභව කිරීමට) අනුමත පිවිතුරු දෑ අනුභව කරනු. තවද ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නොකරනු. සැබැවින් ම ඔහු නුඹලාට ප්‍රකට සතුරාය. (169) ඔහු නුඹලාට අණ කරනුයේ නපුරකම හා අශීලාචාරකම ද නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත පැවසීමට ද වේ. (170) තවද අල්ලාහ් පහළ කළ දෑ නුඹලා අනුගමනය කරනු යැයි පවසනු ලැබූ විට, නැත. අපගේ මුතුන් මිත්තන් කවර දෙයක් මත සිටියේ ද එය අපි අනුගමනය කරන්නෙමු යැයි ඔවුහු පවසති. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් වටහා නොගෙන තවද යහමඟ නොලැබූ තත්වයක වුව ද (ඔවුහු එසේ අනුගමනය කරති.) (171) ප්‍රතික්ෂේප කළවුනට උපමාව (සතුන් දක්කන විට) ඇමතුම හා කැඳවුම මිස වෙන කිසිවක් උන්ට නොඇසෙන (අර්ථයක් නොමැති) දෙයකින් කෑ ගසන කෙනෙකු මෙනි. ඔවුන් ගොළුය. බිහිරිය. අන්ධය. එබැවින් ඔවුහු (යථාර්ථය) වටහා නොගනිති. (172) අහෝ විශ්වාස කළවුනි, අපි නුඹලාට පෝෂණය කළ දැයින් පිවිතුරු දෑ අනුභව කරනු. තවද නුඹලා අල්ලාහ්ට පමණක් නමදින්නෙහු නම් ඔහුට කෘතඥ වනු. (173) ඔහු නුඹලාට තහනම් කරනුයේ මළ දෑ ද රුධිරය ද ශූකර මාංශ ද අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් කැප කළ දෑ ද වේ. නමුත් සීමාව ඉක්මවා යෑමෙන් තොරව හෝ පාපයක් සිදු කිරීමේ අරමුණින් තොරව හෝ කවරෙක් (මේවා අනුභව කිරීමට) බලකරනු ලැබුවේ නම්, එවිට ඔහු කෙරෙහි පාපයක් නොමැත. සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය. (174) දේව ග්‍රන්ථයේ අල්ලාහ් පහළ කළ දෑ කවරෙක් වසන් කර, එමගින් අල්ප මිලක් ලබා ගන්නේ ද ඔවුහු තම කුස තුළ (නිරා) ගින්න මිස වෙන කිසිවක් අනුභව නොකරන්නෝය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සමඟ කතා නොකරයි. තවද ඔවුන්ව පිවිතුරු නොකරයි. තවද ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත. (175) ඔවුහු කවරහු ද යත් යහමඟ වෙනුවට මුළාව ද සමාව වෙනුවට දඬුවම ද මිලට ගත්තෝ වෙති. එබැවින් නිරයේ ගින්න මත ඔවුන්ව ඉවසිල්ලෙන් දරා ගන්නට සලස්වනුයේ කුමක් ද? (176) එය, සත්‍ය සමඟ අල්ලාහ් දේව ග්‍රන්ථය පහළ කර, එම දේව ග්‍රන්ථයේ මතභේද ඇතිකර ගත්තවුන් අන්ත ගැටුමෙහි සිටි බැවිනි.
පෙර පිටුවට ඊළඟ පිටුවට