මුල් පිටුවට

සූරතය/ පරිච්ඡේදය

සෙවුම
මිතුරන් දැනුවත් කිරීමට
Facebook Twitter Google LinkedIn Email

විමසීම්

සූරත් අල්-බකරා (එළදෙන) :ආයත් 196-204
මක්කාහ්වෙහි දී හෙළිදරව් කෙරුණකි. ආයාත් 286 කි.
وَ أَتِمُّوا الْحَجَّ وَ الْعُمْرَةَ لِلَّهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَ لَا تَحْلِقُوا رُءُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ فَمَنْ كَانَ مِنْكُمْ مَرِيضًا أَوْ بِهِ أَذًى مِنْ رَأْسِهِ فَفِدْيَةٌ مِنْ صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ فَإِذَا أَمِنْتُمْ فَمَنْ تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ ثَلَاثَةِ أَيَّامٍ فِي الْحَجِّ وَ سَبْعَةٍ إِذَا رَجَعْتُمْ تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ذَلِكَ لِمَنْ لَمْ يَكُنْ أَهْلُهُ حَاضِرِي الْمَسْجِدِ الْحَرَامِ وَ اتَّقُوا اللهَ وَ اعْلَمُوا أَنَّ اللهَ شَدِيدُ الْعِقَابِ 196 الْحَجُّ أَشْهُرٌ مَعْلُومَاتٌ فَمَنْ فَرَضَ فِيهِنَّ الْحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِي الْحَجِّ وَ مَا تَفْعَلُوا مِنْ خَيْرٍ يَعْلَمْهُ اللهُ وَ تَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى وَ اتَّقُونِ يَا أُولِي الْأَلْبَابِ 197 لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَنْ تَبْتَغُوا فَضْلًا مِنْ رَبِّكُمْ فَإِذَا أَفَضْتُمْ مِنْ عَرَفَاتٍ فَاذْكُرُوا اللهَ عِنْدَ الْمَشْعَرِ الْحَرَامِ وَ اذْكُرُوهُ كَمَا هَدَاكُمْ وَ إِنْ كُنْتُمْ مِنْ قَبْلِهِ لَمِنَ الضَّالِّينَ 198 ثُمَّ أَفِيضُوا مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ وَ اسْتَغْفِرُوا اللهَ إِنَّ اللهَ غَفُورٌ رَحِيمٌ 199 فَإِذَا قَضَيْتُمْ مَنَاسِكَكُمْ فَاذْكُرُوا اللهَ كَذِكْرِكُمْ آبَاءَكُمْ أَوْ أَشَدَّ ذِكْرًا فَمِنَ النَّاسِ مَنْ يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا وَ مَا لَهُ فِي الْآخِرَةِ مِنْ خَلَاقٍ 200 وَ مِنْهُمْ مَنْ يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَ فِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ 201 أُولَئِكَ لَهُمْ نَصِيبٌ مِمَّا كَسَبُوا وَ اللهُ سَرِيعُ الْحِسَابِ 202 وَ اذْكُرُوا اللهَ فِي أَيَّامٍ مَعْدُودَاتٍ فَمَنْ تَعَجَّلَ فِي يَوْمَيْنِ فَلَا إِثْمَ عَلَيْهِ وَ مَنْ تَأَخَّرَ فَلَا إِثْمَ عَلَيْهِ لِمَنِ اتَّقَى وَ اتَّقُوا اللهَ وَ اعْلَمُوا أَنَّكُمْ إِلَيْهِ تُحْشَرُونَ 203 وَ مِنَ النَّاسِ مَنْ يُعْجِبُكَ قَوْلُهُ فِي الْحَيَاةِ الدُّنْيَا وَ يُشْهِدُ اللهَ عَلَى مَا فِي قَلْبِهِ وَ هُوَ أَلَدُّ الْخِصَامِ 204
සිංහලෙන් අර්ථකථනය
(196) තවද අල්ලාහ් වෙනුවෙන් හජ් හා උම්රා සම්පූර්ණ කරනු. නමුත් නුඹලා (ඒවායින්) වළක්වනු ලැබුවේ නම් (සත්ව) කැප කිරීමෙන් තමන්ට පහසු දෑ දිය යුතුයි. තවද කැප කිරීමට නියමිත සත්ත්වයා එයට නියමිත ස්ථානයට ළඟා වන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරනු. නමුත් නුඹලා අතුරින් කවරෙක් රෝගියෙකුව හෝ තම හිසෙහි තමන්ට වේදනාවක් වූයේ නම් හෝ (හිස මුඩු කිරීමට සිදු වූයේ නම්) එවිට උපවාසයේ නියැලීමෙන් හෝ දානයකින් හෝ සත්ව කැප කිරීමකින් හෝ වන්දියක් ලබා දිය යුතුයි. නමුත් (හජ් සහ උම්රාව වළක්වනු ලැබූ බාධකය ඉවත් වී) නුඹලා අභයදායී තත්ත්වයට පත්වී එවිට යමෙක් උම්රා ඉටු කර හජ් දක්වා ඉහ්රාමයෙන් තොරව සිටියේ නම් සත්ව කැපයෙන් පහසු දෑ ලබා දිය යුතුයි. නමුත් ඔහු (එය) නොලැබුවේ නම් එවිට හජ්හි දින තුනක් ද නුඹලා නැවත (ගම රට බලා) හැරී ආ විට දින හතක් ද (එනම්) එය පූර්ණ දින දහයක් ලෙස උපවාසයේ නියැලෙත්වා. එය ශුද්ධ මස්ජිදය අවට (මක්කාහ්වෙහි) වාසය කරන වැසියන්ට නොවේ. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද සැබැවින්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි දැඩි බව නුඹලා දැන ගනු. (197) හජ් වන්දනාව (සියලු දෙනා) හඳුනන මාසයන්හි ය. එබැවින් ඒවායෙහි කවරෙකුට හජ් අනිවාර්යය වූයේ ද ඔහු කාමුකව නොහැසිරිය යුතුයි. කලහකාරීව කටයුතු නොකළ යුතුයි. අනවශ්‍ය තර්කයන්හි නිරත නොවිය යුතුයි. යහපත් යමකින් නුඹලා ඉටු කරන දෑ අල්ලාහ් දන්නේය. තවද නුඹලා පොදි බැඳ ගනු. නමුත් පොදියෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ බැතිමත් භාවයයි. තවද අහෝ බුද්ධිය ඇත්තනි ! නුඹලා මට බියවනු. (198) නුඹලාගේ පරමාධිපතිගෙන් වූ භාග්‍යය නුඹලා සෙවීම නුඹලා කෙරෙහි වරදක් නොමැත. එබැවින් නුඹලා අරෆා ප්‍රදේශයන් හි සිට (ගංගාවක් මෙන්) ගලා ආ විට මෂ්අරුල් හරාම් නම් ස්ථානයේ අල්ලාහ්ව සිහිපත් කරනු. මීට පෙර නුඹලා නොමඟ ගියවුන් අතුරින් සිටිය දී ඔහු නුඹලාට මඟපෙන් වූ අයුරින් නුඹලා ද ඔහුව සිහිපත් කරනු. (199) ජනයා ගලා එන පරිදිම නුඹලා ද ගලා එනු. තවද අල්ලාහ්ගෙන් පාපක්ෂමාව අයදිනු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය. (200) නුඹලාගේ වතාවත් නුඹලා ඉටු කළ විට නුඹලා නුඹලාගේ මුතුන් මිත්තන් සිහිපත් කරනවාක් මෙන් හෝ ඊටත් වඩා දැඩි සිහිපත් කිරීමකින් අල්ලාහ්ව සිහිපත් කරනු. ජනයින් අතුරින් ඇතැම්හු අපගේ පරමාධිපතියාණනි, මෙලොවෙහි අපට පිරිනමනු මැනව යැයි පවසන්නෝ වෙති. ඔහුට මතුලොවෙහි කිසිදු කොටසක් නොමැත. (201) අපගේ පරමාධිපතියාණනි, මෙලොවෙහි යහපත ද මතුලොවෙහි යහපත ද අප හට පිරිනමනු මැනව. තවද නිරයේ දඬුවමින් අපව ආරක්ෂා කරනු මැනව යැයි පවසන ඇතැම්හු ද ඔවුන් අතුරින් වෙති. (202) තමන් ඉපැයූ දැයින් කොටසක් තමන්ට ඇත්තෝ ඔවුහුමය. තවද අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය. (203) තවද නියමිත දින ගණනක් තුළ නුඹලා අල්ලාහ්ව සිහිපත් කරනු. එබැවින් කවරෙකු (මිනාවෙහි රැඳී සිටීමෙන්) දින දෙකකින් ඉක්මන් වන්නේ ද එවිට ඔහු කෙරෙහි පාපයක් නොමැත. තවද කවරෙකු ප්‍රමාද වන්නේ ද ඔහු කෙරෙහි ද පාපයක් නොමැත. එය බැතිමතුන් හට ය. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. සැබැවින්ම නුඹලා ඔහු වෙත එක්රැස් කරනු ලබන බව දැනගනු. (204) මෙලොව ජීවිතයෙහි තම ප්‍රකාශය නුඹව පුදුමයට පත් කරවන, තවද තම හදවතෙහි ඇති දෑ කෙරෙහි අල්ලාහ්ව සාක්ෂි වශයෙන් තබන අය ඔවුන් අතුරින් වෙති. තවද ඔහු තර්ක කිරීමෙහි ඉතා දැඩි ය.
පෙර පිටුවට ඊළඟ පිටුවට