මුල් පිටුවට

සූරතය/ පරිච්ඡේදය

සෙවුම
මිතුරන් දැනුවත් කිරීමට
Facebook Twitter Google LinkedIn Email

විමසීම්

සූරත් අල්-බකරා (එළදෙන) :ආයත් 205-216
මක්කාහ්වෙහි දී හෙළිදරව් කෙරුණකි. ආයාත් 286 කි.
وَ إِذَا تَوَلَّى سَعَى فِي الْأَرْضِ لِيُفْسِدَ فِيهَا وَ يُهْلِكَ الْحَرْثَ وَ النَّسْلَ وَ اللهُ لَا يُحِبُّ الْفَسَادَ 205 وَ إِذَا قِيلَ لَهُ اتَّقِ اللهَ أَخَذَتْهُ الْعِزَّةُ بِالْإِثْمِ فَحَسْبُهُ جَهَنَّمُ وَ لَبِئْسَ الْمِهَادُ 206 وَ مِنَ النَّاسِ مَنْ يَشْرِي نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاةِ اللهِ وَ اللهُ رَءُوفٌ بِالْعِبَادِ 207 يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ادْخُلُوا فِي السِّلْمِ كَافَّةً وَ لَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ 208 فَإِنْ زَلَلْتُمْ مِنْ بَعْدِ مَا جَاءَتْكُمُ الْبَيِّنَاتُ فَاعْلَمُوا أَنَّ اللهَ عَزِيزٌ حَكِيمٌ 209 هَلْ يَنْظُرُونَ إِلَّا أَنْ يَأْتِيَهُمُ اللهُ فِي ظُلَلٍ مِنَ الْغَمَامِ وَ الْمَلَائِكَةُ وَ قُضِيَ الْأَمْرُ وَ إِلَى اللهِ تُرْجَعُ الْأُمُورُ 210 سَلْ بَنِي إِسْرَائِيلَ كَمْ آتَيْنَاهُمْ مِنْ آيَةٍ بَيِّنَةٍ وَ مَنْ يُبَدِّلْ نِعْمَةَ اللهِ مِنْ بَعْدِ مَا جَاءَتْهُ فَإِنَّ اللهَ شَدِيدُ الْعِقَابِ 211 زُيِّنَ لِلَّذِينَ كَفَرُوا الْحَيَاةُ الدُّنْيَا وَ يَسْخَرُونَ مِنَ الَّذِينَ آمَنُوا وَ الَّذِينَ اتَّقَوْا فَوْقَهُمْ يَوْمَ الْقِيَامَةِ وَ اللهُ يَرْزُقُ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ 212 كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَ مُنْذِرِينَ وَ أَنْزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُوا فِيهِ وَ مَا اخْتَلَفَ فِيهِ إِلَّا الَّذِينَ أُوتُوهُ مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتُ بَغْيًا بَيْنَهُمْ فَهَدَى اللهُ الَّذِينَ آمَنُوا لِمَا اخْتَلَفُوا فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِهِ وَ اللهُ يَهْدِي مَنْ يَشَاءُ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ 213 أَمْ حَسِبْتُمْ أَنْ تَدْخُلُوا الْجَنَّةَ وَ لَمَّا يَأْتِكُمْ مَثَلُ الَّذِينَ خَلَوْا مِنْ قَبْلِكُمْ مَسَّتْهُمُ الْبَأْسَاءُ وَ الضَّرَّاءُ وَ زُلْزِلُوا حَتَّى يَقُولَ الرَّسُولُ وَ الَّذِينَ آمَنُوا مَعَهُ مَتَى نَصْرُ اللهِ أَلَا إِنَّ نَصْرَ اللهِ قَرِيبٌ 214 يَسْأَلُونَكَ مَاذَا يُنْفِقُونَ قُلْ مَا أَنْفَقْتُمْ مِنْ خَيْرٍ فَلِلْوَالِدَيْنِ وَ الْأَقْرَبِينَ وَ الْيَتَامَى وَ الْمَسَاكِينِ وَ ابْنِ السَّبِيلِ وَ مَا تَفْعَلُوا مِنْ خَيْرٍ فَإِنَّ اللهَ بِهِ عَلِيمٌ 215 كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَ هُوَ كُرْهٌ لَكُمْ وَ عَسَى أَنْ تَكْرَهُوا شَيْئًا وَ هُوَ خَيْرٌ لَكُمْ وَ عَسَى أَنْ تُحِبُّوا شَيْئًا وَ هُوَ شَرٌّ لَكُمْ وَ اللهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ 216
සිංහලෙන් අර්ථකථනය
(205) ඔහු හැරී ගිය විට මහපොළොවෙහි කලහකම් කිරීමටත් අස්වනු හා සත්ත්ව පරපුර විනාශ කර දැමීමටත් උත්සාහ දැරුවේය. තවද අල්ලාහ් කලහකම ප්‍රිය නොකරන්නේය. (206) නුඹ අල්ලාහ්ට බියබැතිමත් වනු යැයි ඔහුට පවසනු ලැබූ විට පාපී ලෙස ගරුත්වය ඔහුව ග්‍රහණය කළේය. එබැවින් නිරය ඔහුට ප්‍රමාණවත්ය. තවද (අවසානයේ ලගින) යහන නපුරු විය. (207) අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් තම ආත්මය විකුණන්නන් ද ජනයා අතුරින් වෙති. තවද අල්ලාහ් ගැත්තන් කෙරෙහි සෙනෙහෙවන්තය. (208) අහෝ විශ්වාස කළවුනි, නුඹලා සාමය තුළට මුළුමණින්ම පිවිසෙනු. තවද ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නොකරනු. සැබැවින්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි. (209) නුඹලාට පැහැදිලි සාධක පැමිණි පසුව ද නුඹලා (ඉන්) ලිස්සී යන්නෙහු නම් එවිට සැබැවින්ම අල්ලාහ් සර්ව බලධාරී හා සර්ව ප්‍රඥාවන්ත බව නුඹලා දැන ගනු. (210) වලාකුළු හෙවණැලි අතුරින් අල්ලාහ් ද මලක්වරුන් ද පැමිණ කරුණ තීන්දු කරනු ලැබීම ඔවුහු අපේක්ෂා කරන්නෝ ද? තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය. (211) (නබිවරය) පැහැදිලි සාධක කොපමණක් අපි ඔවුනට පිරිනමා ඇත්තෙමු දැයි ඉස්රාඊල් දරුවන්ගෙන් නුඹ විමසනු. තමන් වෙත අල්ලාහ්ගේ ආශිර්වාදය පැමිණි පසුව කවරෙකු එය වෙනස් කරන්නේ ද එවිට සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය. (212) ප්‍රතික්ෂේප කළවුනට මෙලොව ජීවිතය අලංකෘත කරනු ලැබීය. ඔවුහු විශ්වාස කළවුන්ට අවමන් කරන්නෝය. නමුත් දේව බිය හැඟීම් ඇති කරගත් අය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුනට ඉහළින් වෙති. තමන් අභිමත කරන අයට අල්ලාහ් ගණනයකින් තොරව පෝෂණය කරන්නේය. (213) ජනයා එකම සමූහයක් වූහ. පසුව අල්ලාහ් ශුභාරංචි පවසන්නන් ලෙස ද අවවාද කරන්නන් ලෙස ද නබිවරුන්ව එවීය. තවද කවර දෙයක් මත මතභේද ඇති කර ගත්තේ ද ඒ ගැන ජනයා අතර තීන්දු කිරීම පිණිස ඔවුන් සමඟ දේව ග්‍රන්ථ ද පහළ කළේය. තමන් වෙත පැහැදිලි සාධක පැමිණි පසුව ඔවුන් අතර තිබූ ඊර්ෂ්‍යාව හේතුවෙන් දේව ග්‍රන්ථය ලත් ජනයා මිස (වෙන කිසිවෙක්) ඒ ගැන මතභේද ඇති කර නොගත්තේය. පසුව සත්‍යයෙන් යුත් කවර දෙයක් තුළ ඔවුන් මත භේද ඇති කර ගත්තේ ද ඒ ගැන අල්ලාහ් තම අනුබලයෙන් විශ්වාස කළවුනට මඟ පෙන්වීය. තවද අල්ලාහ් තමන් අභිමත කරන අයට ඍජු මඟ පෙන්වන්නේය. (214) නුඹලාට පෙර ඉකුත් වී ගියවුනට මෙන් නුඹලාට ද (යමක්) නොපැමිණම නුඹලා ස්වර්ගයට පිවිසෙන්නට සිතන්නෙහු ද? දුෂ්කරතා හා උවදුරු ඔවුන්ව ග්‍රහණය කළේය. රසූල්වරයා ද ඔහු සමඟ වූ විශ්වාස කළවුන් ද අල්ලාහ්ගේ උපකාරය කවදා දැයි අසන තරමටම ඔවුහු කම්පනයට පත් කරනු ලැබුවෝය. සැබැවින්ම අල්ලාහ්ගේ උපකාරය ඉතා සමීප බව දැනගනු. (215) තමන් වියදම් කළ යුත්තේ කුමක් දැයි ඔවුහු නුඹගෙන් විමසන්නෝය. යහපත් දැයින් නුඹලා වියදම් කළ දෑ දෙමාපියන්ට ද අනාථයින්ට ද දුප්පතුන්ට ද මගියන්ට ද විය යුතුයි. තවද යහපත් දැයින් නුඹලා වියදම් කරන දෑ පිළිබඳව සැබැවින්ම අල්ලාහ් සර්වඥානීය. (216) සටන් කිරීම, නුඹලාට එය පිළිකුල් වුව ද නුඹලා වෙත එය නියම කරන ලදී. නුඹලා යමක් පිළිකුල් කළ හැක. නමුත් එය නුඹලාට යහපත් වන්නේය. නුඹලා යමක් ප්‍රිය කළ හැක නමුත් එය නුඹලාට හානිදායක වන්නේය. අල්ලාහ් දන්නේය. නමුත් නුඹලා නොදන්නෙහුය.
පෙර පිටුවට ඊළඟ පිටුවට