මුල් පිටුවට

සූරතය/ පරිච්ඡේදය

සෙවුම
මිතුරන් දැනුවත් කිරීමට
Facebook Twitter Google LinkedIn Email

විමසීම්

සූරත් අල්-බකරා (එළදෙන) :ආයත් 217-227
මක්කාහ්වෙහි දී හෙළිදරව් කෙරුණකි. ආයාත් 286 කි.
يَسْأَلُونَكَ عَنِ الشَّهْرِ الْحَرَامِ قِتَالٍ فِيهِ قُلْ قِتَالٌ فِيهِ كَبِيرٌ وَ صَدٌّ عَنْ سَبِيلِ اللهِ وَ كُفْرٌ بِهِ وَ الْمَسْجِدِ الْحَرَامِ وَ إِخْرَاجُ أَهْلِهِ مِنْهُ أَكْبَرُ عِنْدَ اللهِ وَ الْفِتْنَةُ أَكْبَرُ مِنَ الْقَتْلِ وَ لَا يَزَالُونَ يُقَاتِلُونَكُمْ حَتَّى يَرُدُّوكُمْ عَنْ دِينِكُمْ إِنِ اسْتَطَاعُوا وَ مَنْ يَرْتَدِدْ مِنْكُمْ عَنْ دِينِهِ فَيَمُتْ وَ هُوَ كَافِرٌ فَأُولَئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَ أُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ 217 إِنَّ الَّذِينَ آمَنُوا وَ الَّذِينَ هَاجَرُوا وَ جَاهَدُوا فِي سَبِيلِ اللهِ أُولَئِكَ يَرْجُونَ رَحْمَةَ اللهِ وَ اللهُ غَفُورٌ رَحِيمٌ 218 يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَ الْمَيْسِرِ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَ مَنَافِعُ لِلنَّاسِ وَ إِثْمُهُمَا أَكْبَرُ مِنْ نَفْعِهِمَا وَ يَسْأَلُونَكَ مَاذَا يُنْفِقُونَ قُلِ الْعَفْوَ كَذَلِكَ يُبَيِّنُ اللهُ لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ 219 فِي الدُّنْيَا وَ الْآخِرَةِ وَ يَسْأَلُونَكَ عَنِ الْيَتَامَى قُلْ إِصْلَاحٌ لَهُمْ خَيْرٌ وَ إِنْ تُخَالِطُوهُمْ فَإِخْوَانُكُمْ وَ اللهُ يَعْلَمُ الْمُفْسِدَ مِنَ الْمُصْلِحِ وَ لَوْ شَاءَ اللهُ لَأَعْنَتَكُمْ إِنَّ اللهَ عَزِيزٌ حَكِيمٌ 220 وَ لَا تَنْكِحُوا الْمُشْرِكَاتِ حَتَّى يُؤْمِنَّ وَ لَأَمَةٌ مُؤْمِنَةٌ خَيْرٌ مِنْ مُشْرِكَةٍ وَ لَوْ أَعْجَبَتْكُمْ وَ لَا تُنْكِحُوا الْمُشْرِكِينَ حَتَّى يُؤْمِنُوا وَ لَعَبْدٌ مُؤْمِنٌ خَيْرٌ مِنْ مُشْرِكٍ وَ لَوْ أَعْجَبَكُمْ أُولَئِكَ يَدْعُونَ إِلَى النَّارِ وَ اللهُ يَدْعُو إِلَى الْجَنَّةِ وَ الْمَغْفِرَةِ بِإِذْنِهِ وَ يُبَيِّنُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ 221 وَ يَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُوا النِّسَاءَ فِي الْمَحِيضِ وَ لَا تَقْرَبُوهُنَّ حَتَّى يَطْهُرْنَ فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللهُ إِنَّ اللهَ يُحِبُّ التَّوَّابِينَ وَ يُحِبُّ الْمُتَطَهِّرِينَ 222 نِسَاؤُكُمْ حَرْثٌ لَكُمْ فَأْتُوا حَرْثَكُمْ أَنَّى شِئْتُمْ وَ قَدِّمُوا لِأَنْفُسِكُمْ وَ اتَّقُوا اللهَ وَ اعْلَمُوا أَنَّكُمْ مُلَاقُوهُ وَ بَشِّرِ الْمُؤْمِنِينَ 223 وَ لَا تَجْعَلُوا اللهَ عُرْضَةً لِأَيْمَانِكُمْ أَنْ تَبَرُّوا وَتَتَّقُوا وَ تُصْلِحُوا بَيْنَ النَّاسِ وَ اللهُ سَمِيعٌ عَلِيمٌ 224 لَا يُؤَاخِذُكُمُ اللهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَ لَكِنْ يُؤَاخِذُكُمْ بِمَا كَسَبَتْ قُلُوبُكُمْ وَ اللهُ غَفُورٌ حَلِيمٌ 225 لِلَّذِينَ يُؤْلُونَ مِنْ نِسَائِهِمْ تَرَبُّصُ أَرْبَعَةِ أَشْهُرٍ فَإِنْ فَاءُوا فَإِنَّ اللهَ غَفُورٌ رَحِيمٌ 226 وَ إِنْ عَزَمُوا الطَّلَاقَ فَإِنَّ اللهَ سَمِيعٌ عَلِيمٌ 227
සිංහලෙන් අර්ථකථනය
(217) ශුද්ධ මාසය එහි සටන් කිරීම පිළිබඳව ඔවුහු නුඹගෙන් විමසන්නෝය. එහි සටන් කිරීම මහත් පාපයකි. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වීමත් එය හා ශුද්ධ මස්ජිදය ප්‍රතික්ෂේප කිරීමත් එහි වැසියන් එයින් පිටුවහල් කිරීමත් අල්ලාහ් අභියස (ඊටත් වඩා) අති මහත් පාපයකි. කලහකම ඝාතනයට වඩා අති මහත් පාපයකි. ඔවුහු හැකියාව දරන්නෝ නම් නුඹලාගේ දහමින් නුඹලාව නැවත හරවන තෙක් නුඹලා සමඟ සටන් වැදීමෙන් ඉවත් නොවන්නෝමය. තවද නුඹලා අතුරින් කවරෙක් තම දහමින් බැහැර වී පසුව ප්‍රතික්ෂේපකයෙකු ලෙස සිටිය දී මරණයට පත් වෙත් ද එවිට ඔවුහුමය මෙලොව හා පරලොව තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය වන්නෝ. තවද ඔවුහුමය (නිරා) ගින්නේ සගයන් වන්නෝ. ඔවුහු එහි සදාතනිකයෝ වන්නෝය. (218) නියත වශයෙන්ම විශ්වාස කළ අය ද දේශය අතහැර දමා ගොස් අල්ලාහ්ගේ මාර්ගයේ කැප වූවෝ ද වන ඔවුහුමය අල්ලාහ්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වූවෝ. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය. (219) (නබිවරය) සුරාව හා සූදුව පිළිබඳ ඔවුහු නුඹගෙන් විමසන්නෝය. ඒ දෙකෙහි මහත් පාපය හා ජනයාට ප්‍රයෝජන ඇති බවත් නමුත් ඒ දෙකෙහි ප්‍රයෝජනයට වඩා ඒ දෙකෙහි පාපය අති මහත් බවත් පවසනු. තවද තමන් වියදම් කළ යුත්තේ කුමක් දැයි ද නුඹගෙන් ඔවුහු විමසන්නෝය. අතිරේක දෑ යැයි පවසනු මෙලෙසය අල්ලාහ් නුඹලාට සිතන්නට හැකිවනු පිණිස නුඹලාට මෙම වදන් පැහැදිලි කරනුයේ. (220) මෙලොව හා පරලොව තුළ (සිතා බලනු පිණිස). තවද අනාථයින් ගැන ඔවුහු නුඹගෙන් විමසන්නෝය. ඔවුන්ව සංශෝධනය කිරීම ඉතා උතුම් ය. නුඹලා ඔවුන් සමඟ මිශ්‍ර වූ විට ඔවුහු නුඹලාගේ සහෝදරයෝ වෙති. සංශෝධකයාගෙන් කලහකරුවා කවරෙකු දැයි අල්ලාහ් දන්නේය. අල්ලාහ් අභිමත කළේ නම් නුඹලාව අපහසුතාවයට පත් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්වබලධාරීය. සර්ව ප්‍රඥාවන්ත ය. (221) දේව ආදේශ තබන්නියන්ව ඔවුන් විශ්වාස කරන තෙක් විවාහ කර නොගනු. ඇය නුඹලාව මවිතයට පත් කළ ද විශ්වාස වන්ත වහලිය ආදේශ තබන්නියට වඩා උතුම් ය. තවද ආදේශ තබන්නන්ට ඔවුන් විශ්වාස කරන තෙක් විවාහ කර නොදෙනු. ඔහු නුඹලාව මවිතයට පත් කළ ද විශ්වාස වන්ත වහලා ආදේශ තබන්නාට වඩා උතුම් ය. මොවුහු (නිරයේ) ගින්න වෙත ඇරයුම් කරති. තවද අල්ලාහ් ඔහුගේ අනුබලයෙන් ස්වර්ගය හා සමාව වෙත ඇරයුම් කරන්නේය. තවද ජනයා මෙනෙහි කරන්නට හැකි වනු පිණිස තම වදන් ජනයාට ඔහු පැහැදිලි කරන්නේය. (222) තවද ඔසප්භාවය පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසන්නෝය. එය කිලිටකි, එබැවින් ඔසප් සමයේ බිරියන්ගෙන් ඉවත් වනු. ඔවුන් පිරිසිදු වන තෙක් නුඹලා ඔවුනට සමීප නොවනු. ඔවුන් පිරිසිදු වූ විට අල්ලාහ් නුඹලාට අණ කළ පරිදි ඔවුන් වෙත යනු. සැබැවින්ම අල්ලාහ් පශ්චාත්තාපයේ නියැලෙන්නන් හා පිරිසිදුව සිටින්නන්ට ප්‍රිය කරන්නේය යැයි පවසනු. (223) නුඹලාගේ බිරියන් නුඹලා සතු කෙතකි. එබැවින් නුඹලා කැමති පරිදි නුඹලාගේ කෙත වෙත යනු. තවද නුඹලා වෙනුවෙන් (දැහැමි දෑ) ඉදිරිපත් කරනු. අල්ලාහ්ට බැතිමත් වනු. සැබැවින්ම නුඹලා ඔහුව මුණ ගැසෙන්නන් බව දැනගනු. තවද විශ්වාසවන්තයින්ට නුඹ ශුභාරංචි පවසනු. (224) නුඹලා දැහැමි දෑ කිරීම ගැන ද බැතිමත් වීම ගැන ද ජනයා අතර සංශෝධනය කිරීම ගැන ද (නුඹලා තබන) නුඹලාගේ දිවුරුම්වලට අල්ලාහ් ව හේතුවක් බවට පත් නොකරනු. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය, සර්ව ඥානීය. (225) පුහු ලෙස නුඹලා කරන දිවුරුම් හි අල්ලාහ් නුඹලාව (වරදකරුවන් ලෙස) නොගන්නේය. නමුත් නුඹලාගේ හදවත් ඉපැයූ දෑ ගැන නුඹලාව ඔහු ගණන් ගන්නේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය ආදරවන්තය. (226) (ලිංගික ඇසුරෙන්) තම බිරියන්ගෙන් තමන් ඉවත්ව සිටින බවට දිවුරා සිටින්නවුන ට මාස හතරක අවකාශ පොරොත්තු කාලයක් ඇත. නමුත් ඔවුන් (එම කාලය තුළ) නැවත හැරුණේ නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය, අසමසම කරුණාන්විතය. (227) (එම කාලය තුළ) ඔවුන් දික්කසාදය ස්ථීර කර ගත්තේ නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය
පෙර පිටුවට ඊළඟ පිටුවට