මුල් පිටුවට

සූරතය/ පරිච්ඡේදය

සෙවුම
මිතුරන් දැනුවත් කිරීමට
Facebook Twitter Google LinkedIn Email

විමසීම්

සූරත් අල්-බකරා (එළදෙන) :ආයත් 235-259
මක්කාහ්වෙහි දී හෙළිදරව් කෙරුණකි. ආයාත් 286 කි.
تِلْكَ الرُّسُلُ فَضَّلْنَا بَعْضَهُمْ عَلَى بَعْضٍ مِنْهُمْ مَنْ كَلَّمَ اللهُ وَرَفَعَ بَعْضَهُمْ دَرَجَاتٍ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ وَلَوْ شَاءَ اللهُ مَا اقْتَتَلَ الَّذِينَ مِنْ بَعْدِهِمْ مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتُ وَلَكِنِ اخْتَلَفُوا فَمِنْهُمْ مَنْ آمَنَ وَمِنْهُمْ مَنْ كَفَرَ وَلَوْ شَاءَ اللهُ مَا اقْتَتَلُوا وَلَكِنَّ اللهَ يَفْعَلُ مَا يُرِيدُ 253 يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَنْفِقُوا مِمَّا رَزَقْنَاكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لَا بَيْعٌ فِيهِ وَلَا خُلَّةٌ وَلَا شَفَاعَةٌ وَ الْكَافِرُونَ هُمُ الظَّالِمُونَ 254 اللهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سِنَةٌ وَ لَا نَوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَ مَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَ مَا خَلْفَهُمْ وَ لَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَ لَا يَئُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِيُّ الْعَظِيمُ 255 لَا إِكْرَاهَ فِي الدِّينِ قَدْ تَبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَ مَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَ يُؤْمِنْ بِاللهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَى لَا انْفِصَامَ لَهَا وَاللهُ سَمِيعٌ عَلِيمٌ 256 اللهُ وَلِيُّ الَّذِينَ آمَنُوا يُخْرِجُهُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَ الَّذِينَ كَفَرُوا أَوْلِيَاؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُمْ مِنَ النُّورِ إِلَى الظُّلُمَاتِ أُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ 257 أَلَمْ تَرَ إِلَى الَّذِي حَاجَّ إِبْرَاهِيمَ فِي رَبِّهِ أَنْ آتَاهُ اللهُ الْمُلْكَ إِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّيَ الَّذِي يُحْيِي وَ يُمِيتُ قَالَ أَنَا أُحْيِي وَ أُمِيتُ قَالَ إِبْرَاهِيمُ فَإِنَّ اللهَ يَأْتِي بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذِي كَفَرَ وَاللهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ 258 أَوْ كَالَّذِي مَرَّ عَلَى قَرْيَةٍ وَهِيَ خَاوِيَةٌ عَلَى عُرُوشِهَا قَالَ أَنَّى يُحْيِي هَذِهِ اللهُ بَعْدَ مَوْتِهَا فَأَمَاتَهُ اللهُ مِئَةَ عَامٍ ثُمَّ بَعَثَهُ قَالَ كَمْ لَبِثْتَ قَالَ لَبِثْتُ يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ قَالَ بَلْ لَبِثْتَ مِئَةَ عَامٍ فَانْظُرْ إِلَى طَعَامِكَ وَ شَرَابِكَ لَمْ يَتَسَنَّهْ وَانْظُرْ إِلَى حِمَارِكَ وَ لِنَجْعَلَكَ آيَةً لِلنَّاسِ وَانْظُرْ إِلَى الْعِظَامِ كَيْفَ نُنْشِزُهَا ثُمَّ نَكْسُوهَا لَحْمًا فَلَمَّا تَبَيَّنَ لَهُ قَالَ أَعْلَمُ أَنَّ اللهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ 259
සිංහලෙන් අර්ථකථනය
(253) මෙම රසූල්වරුන්, ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා අපි උසස් කළෙමු. ඔවුන් අතුරින් අල්ලාහ් සමඟ කතා කළ අය වෙති. ඔවුන්ගෙන් ඇතැමෙකුට තරාතිරම් උසස් කළෙමු. මර්යම්ගේ පුත් ඊසාට පැහැදිලි සාධකය පිරිනැමුවෙමු. පිවිතුරු ආත්මය තුළින් ඔහු ව අපි ශක්තිමත් කළෙමු. අල්ලාහ් අභිමත වූයේ නම් ඔවුනට පසු පැමිණි සමහරුන් ඔවුනට පැහැදිලි සාධක පැමිණි පසුව මිස ඔවුන් මරා නොගන්නට තිබිණ. නමුත් ඔවුහු මතභේද ඇති කර ගත්තෝය. එනමුත් ඔවුන් අතුරින් විශ්වාස කළ අය ද ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කළ අය ද වෙති. අල්ලාහ් අභිමත වූයේ නම් ඔවුන් මරා නොගන්නට තිබුණි. එනමුත් අල්ලාහ් තමන් සිතන දේ සිදු කරන්නේය. (254) අහෝ විශ්වාස කළවුනි ! කිසිදු ගනුදෙනුවක් නොමැති කිසිදු මිතුදමක් නොමැති කිසිදු මැදිහත්වීමක් නොමැති දිනයක් පැමිණීමට පෙර, අපි නුඹලාට පෝෂණය කළ දැයින් නුඹලා වියදම් කරනු. ප්‍රතික්ෂේපකයින් වන ඔවුහු ම ය අපරාධකරුවෝ. (255) අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්මක් ඇත්තා ය. මඳ නින්ද හෝ නින්ද ඔහු ව ග්‍රහණය නොකරන්නේය. අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහු අනුමැතිය දුන් අය මිස ඔහු අබියස මැදිහත් වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේය. ඔහු අභිමත වූ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්‍රහණය නොකරති. ඔහුගේ සිංහාසනය අහස්හි හා මහපොළොවේ ව්‍යාප්තව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අති උත්තරීතර ය. සර්ව බලධාරී ය. (256) දහම තුළ කිසිදු බලකිරීමක් නොමැත. අයහමගින් යහමඟ පැහැදිලි විය. එබැවින් කවරෙක් නපුරු බලවේගයන් ප්‍රතික්ෂේප කොට අල්ලාහ් ව විශ්වාස කරන්නේ ද එවිට ඔහු ශක්තිමත් කඹයක් අල්ලා ගන්නේය. එයට විසන්ධියක් නොමැත. තව ද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය. සර්ව ඥානී ය. (257) විශ්වාස කළවුන්ගේ භාරකරු අල්ලාහ් ය. ඔහු ඔවුන් අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත පිටත් කරන්නේය. තව ද ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුන්ගේ භාරකරුවන් නපුරු බලවේගයන් ය. ඔවුහු ඔවුන් ව ආලෝකයෙන් අන්ධකාරයන් වෙත පිටත් කරන්නෝය. ඔවුහු නිරයේ සගයෝ ය. ඔවුහු එහි සදාතනිකයෝ ය. (258) ඉබ්‍රාහීම් සමඟ ඔහුගේ පරමාධිපති විෂයෙහි, අල්ලාහ් ඔහුට රාජ්‍ය පාලනය පිරිනමා තිබූ හේතුවෙන් තර්ක කළ අය දෙස නුඹ නොබැලුවෙහි ද? මාගේ පරමාධිපති ප්‍රාණය ලබා දෙන්නා ය. මරණයට පත් කරන්නා ය යැයි පැවසූ අවස්ථාවේ ඔහු මම ජීවය දෙන්නෙමි. මරණයට ද පත් කරන්නෙමි යැයි පැවසුවේය. එසේනම් සැබැවින් ම අල්ලාහ් හිරු නැගෙනහිරෙන් ගෙන එන්නේය. එබැවින් (නුඹට හැකි නම්) එය බටහිරෙන් ගෙන එනු යැයි ඉබ්‍රාහීම් පැවසුවේය. එවිට ප්‍රතික්ෂේප කළ ඔහු තිගැස්සී ගියේය. අපරාධ කරන ජනයාට අල්ලාහ් මඟ නොපෙන්වන්නේය. (259) එසේ නොමැති නම්, එහි වහල් මත කඩා වැටී තිබූ ගමක් උඩින් ගමන් ගත් අයෙකු මෙනි. ඔහු මෙය මිය ගිය පසු මෙයට ප්‍රාණය දෙන්නේ කෙසේ දැයි විමසුවේය. එවිට අල්ලාහ් වසර සියයක් ඔහු ව මරණයට පත් කළේය. පසු ව ඔහු ව අවදි කරවා නුඹ කොපමණ කළක් රැඳී සිටියෙහි දැයි විමසුවේය. දිනක් හෝ දිනක කොටසක් මම රැඳී සිටියෙමි යැයි ඔහු පැවසුවේය. නැත නුඹ වසර සියයක් රැඳී සිටියෙහිය. දැන් නුඹ නුඹේ ආහාරය හා නුඹේ පානය දෙස බලනු. එය නරක් වී නැත. තව ද නුඹේ බූරුවා දෙස බලනු. (මෙය) ජනයාට නුඹව සලකුණක් වශයෙන් අප පත් කරනු පිණිස ය. තව ද අප එම අස්ථි එක් රැස් කොට පසුව එයට මස් අන්දවනුයේ කෙසේ දැයි බලනු. ඔහුට පැහැදිලි වූ කල්හි සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා යැයි මම දැන ගත්තෙමි යැයි ඔහු පැවසුවේය.
පෙර පිටුවට ඊළඟ පිටුවට