මුල් පිටුවට

සූරතය/ පරිච්ඡේදය

සෙවුම
මිතුරන් දැනුවත් කිරීමට
Facebook Twitter Google LinkedIn Email

විමසීම්

සූරත් ආලු ඉම්රාන් (ඉම්රාන්ගේ කුඩුම්භය) :ආයත් 1-14
මක්කාහ්වෙහි දී හෙළිදරව් කෙරුණකි. ආයාත් (වැකි) 200 කි.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الم 1 اللهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ 2 نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ وَ أَنْزَلَ التَّوْرَاةَ وَ الْإِنْجِيلَ 3 مِنْ قَبْلُ هُدًى لِلنَّاسِ وَ أَنْزَلَ الْفُرْقَانَ إِنَّ الَّذِينَ كَفَرُوا بِآيَاتِ اللهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ وَ-اللهُ عَزِيزٌ ذُو انْتِقَامٍ 4 إِنَّ اللهَ لَا يَخْفَى عَلَيْهِ شَيْءٌ فِي الْأَرْضِ وَ لَا فِي السَّمَاءِ 5 هُوَ الَّذِي يُصَوِّرُكُمْ فِي الْأَرْحَامِ كَيْفَ يَشَاءُ لَا إِلَهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ 6 هُوَ الَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَ أُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَ ابْتِغَاءَ تَأْوِيلِهِ وَ مَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللهُ وَ الرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا وَ مَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ 7 رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَ هَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً إِنَّكَ أَنْتَ الْوَهَّابُ 8 رَبَّنَا إِنَّكَ جَامِعُ النَّاسِ لِيَوْمٍ لَا رَيْبَ فِيهِ إِنَّ اللهَ لَا يُخْلِفُ الْمِيعَادَ 9 إِنَّ الَّذِينَ كَفَرُوا لَنْ تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ مِنَ اللهِ شَيْئًا وَ أُولَئِكَ هُمْ وَقُودُ النَّارِ 10 كَدَأْبِ آلِ فِرْعَوْنَ وَ الَّذِينَ مِنْ قَبْلِهِمْ كَذَّبُوا بِآيَاتِنَا فَأَخَذَهُمُ اللهُ بِذُنُوبِهِمْ وَ-اللهُ شَدِيدُ الْعِقَابِ 11 قُلْ لِلَّذِينَ كَفَرُوا سَتُغْلَبُونَ وَ تُحْشَرُونَ إِلَى جَهَنَّمَ وَ بِئْسَ الْمِهَادُ 12 قَدْ كَانَ لَكُمْ آيَةٌ فِي فِئَتَيْنِ الْتَقَتَا فِئَةٌ تُقَاتِلُ فِي سَبِيلِ اللهِ وَ أُخْرَى كَافِرَةٌ يَرَوْنَهُمْ مِثْلَيْهِمْ رَأْيَ الْعَيْنِ وَ اللهُ يُؤَيِّدُ بِنَصْرِهِ مَنْ يَشَاءُ إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لِأُولِي الْأَبْصَارِ 13 زُيِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوَاتِ مِنَ النِّسَاءِ وَالْبَنِينَ وَالْقَنَاطِيرِ الْمُقَنْطَرَةِ مِنَ الذَّهَبِ وَالْفِضَّةِ وَ الْخَيْلِ الْمُسَوَّمَةِ وَ الْأَنْعَامِ وَ الْحَرْثِ ذَلِكَ مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَ اللهُ عِنْدَهُ حُسْنُ الْمَآبِ 14
සිංහලෙන් අර්ථකථනය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි. (1-2) අලිෆ්, ලාම්, මීම්. අල්ලාහ්, සදා පැවැත්මක් ඇති සදා ජීවමානී වූ ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. (3-4) තමන් අතර වූ දෑ තහවුරු කරවන්නක් වශයෙන් සත්‍යයෙන් යුතු ව ධර්ම ග්‍රන්ථය ඔබ වෙත ඔහු පහළ කළේය. තව ද මීට පෙර ජනයාට මඟ පෙන්වීමක් ලෙස තව්රාතය හා ඉන්ජීලය ද ඔහු පහළ කළේය. තව ද නිර්ණායකය (අල්-කුර්ආනය) ද ඔහු පහළ කළේය. සැබැවින් ම අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට දැඩි දඬුවම් ඇත. තව ද අල්ලාහ් සර්ව බලධාරී ය. සම ප්‍රතිචාර දක්වන්නාය. (5) නියත වශයෙන් ම අල්ලාහ්, ඔහු වෙත මහපොළොව තුළ හෝ අහස තුළ හෝ ඇති කිසිවක් සැඟවෙන්නේ නැත. (6) ගර්භාෂයන් තුළ නුඹලා ව තමන් කැමති පරිදි හැඩ ගන්වන්නේ ඔහු ම ය. සර්ව බලධාරී සියුම් ඥානවන්ත වූ ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. (7) නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේ ඔහු ය. එයින් මුහ්කමාත් (හෙවත් පැහැදිලි තීන්දු සහගත) වැකි ඇත. ඒවා ධර්ම ග්‍රන්ථයේ මූලය යි. තව ද අනෙක් ඒවා මුතෂාබිහාත් (හෙවත් සැකයට තුඩු දෙන) වැකි ය. එබැවින් තම හදවතෙහි ව්‍යාකූලත්වය ඇත්තවුන් වනාහි ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද එහි අර්ථ විකෘති කිරීමේ අපෙක්ෂාවෙන් ද එයින් සැකයට තුඩු දෙන දෑ අනුගමනය කරති. එහි අර්ත විකෘතිය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නොදන්නේය. තව ද අපි ඒවා විශ්වාස කළෙමු. සියල්ල අපගේ පරමාධිපති වෙතිනි යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙන කිසිවෙක් මෙනෙහි නොකරන්නේය. (8) අපගේ පරමාධිපතියාණනි, ඔබ අප ව යහමඟ යොමු කළ පසු ව අපගේ හදවත් විකෘතිභාවයට පත් නොකරනු. තව ද අපට ඔබ වෙතින් වූ දයාව පිරිනමනු. සැබැවින් ම ඔබ ම ය මහා ත්‍යාගශීලී වන්තයා. (9) අපගේ පරමාධිපතියාණනි, කිසිදු සැකයක් නොමැති දිනකට මිනිසුන් එක් රැස් කරන්නා නියත වශයෙන් ම ඔබ ය. සැබැවින් ම අල්ලාහ් ප්‍රතිඥාවන් කඩ නොකරන්නේය. (10) නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට ඔවුන්ගේ ධන සම්පත හෝ ඔවුන්ගේ දරු සම්පත හෝ අල්ලාහ්ගෙන් පැමිණෙන කිසිවකින් (මිදීමට) ඔවුනට උපකාර නොවන්නේ ම ය. නිරා ගින්නේ ඉන්ධන වනුයේ ඔවුන් ම ය. (11) ෆිර්අවුන්ගේ පරපුර හා ඔවුනට පෙර සිටියවුන්ගේ සිරිත මෙනි. ඔවුහු අපගේ වදන් බොරු කළෝය. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ පාපයන් හේතුවෙන් ඔවුන් ව (දඬුවමට) හසු කළේය. තව ද අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතා දැඩි ය. (12) දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට නුඹලා අභිබවා යනු ලබනු ඇත. තව ද නිරය වෙත ඒකරාශී කරනු ලබනු ඇත යැයි නුඹ පවසනු. එම නවාතැන නපුරු විය. (13) (යුද්ධය සඳහා) හමු වූ දෙපිරිස තුළ නුඹලාට සංඥාවක් ඇත. පිරිසක් අල්ලාහ්ගේ මාර්ගයේ යුද වැදුණහ. අනෙක් පිරිස දේව ප්‍රතික්ෂේපකයෝ ය. මොවුහු ඔවුන් ව (යුද පිටියේ) දෙගුණයක් මෙන් පියවි ඇසින් දුටුවෝය. අල්ලාහ් තමන් අභිමත කරන අයට තම උපකාරයෙන් (ජයග්‍රහණය) තහවුරු කරන්නේය. මනා දැක්මකින් යුත් අයට මෙහි පාඩමක් ඇත. (14) කාන්තාවන්, පිරිමි දරුවන්, රන් හා රිදියෙන් රැස්කර තබන ලද ආරුක්කු, වර්ග කරනු ලැබූ අශ්වයින්, ගොවිපල සතුන් හා කෙත්වතු කෙරෙහි වූ තෘෂ්ණාවෙහි ඇල්ම ජනයාට අලංකෘත කරන ලදී. ඒවා මෙලොව ජීවිතයේ වින්දනයන් ය. තව ද තව ද අලංකාර යොමුවීමේ ස්ථානය ඇත්තේ අල්ලාහ් වන ඔහු වෙත ය.