මුල් පිටුවට

සූරතය/ පරිච්ඡේදය

සෙවුම
මිතුරන් දැනුවත් කිරීමට
Facebook Twitter Google LinkedIn Email

විමසීම්

සූරත් ආලු ඉම්රාන් (ඉම්රාන්ගේ කුඩුම්භය) :ආයත් 15-27
මක්කාහ්වෙහි දී හෙළිදරව් කෙරුණකි. ආයාත් (වැකි) 200 කි.
قُلْ أَؤُنَبِّئُكُمْ بِخَيْرٍ مِنْ ذَلِكُمْ لِلَّذِينَ اتَّقَوْا عِنْدَ رَبِّهِمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَ أَزْوَاجٌ مُطَهَّرَةٌ وَ رِضْوَانٌ مِنَ اللهِ وَاللهُ بَصِيرٌ بِالْعِبَادِ 15 الَّذِينَ يَقُولُونَ رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَ قِنَا عَذَابَ النَّارِ 16 الصَّابِرِينَ وَ الصَّادِقِينَ وَ الْقَانِتِينَ وَ الْمُنْفِقِينَ وَ الْمُسْتَغْفِرِينَ بِالْأَسْحَارِ 17 شَهِدَ اللهُ أَنَّهُ لَا إِلَهَ إِلَّا هُوَ وَ-الْمَلَائِكَةُ وَ أُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ لَا إِلَهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ 18 إِنَّ الدِّينَ عِنْدَ اللهِ الْإِسْلَامُ وَ مَا اخْتَلَفَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ وَ مَنْ يَكْفُرْ بِآيَاتِ اللهِ فَ إِنَّ اللهَ سَرِيعُ الْحِسَابِ 19 فَإِنْ حَاجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِيَ لِلَّهِ وَ مَنِ اتَّبَعَنِ وَ قُلْ لِلَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْأُمِّيِّينَ أَأَسْلَمْتُمْ فَإِنْ أَسْلَمُوا فَقَدِ اهْتَدَوْا وَ إِنْ تَوَلَّوْا فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ وَاللهُ بَصِيرٌ بِالْعِبَادِ 20 إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِآيَاتِ اللهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ حَقٍّ وَيَقْتُلُونَ الَّذِينَ يَأْمُرُونَ بِالْقِسْطِ مِنَ النَّاسِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ 21 أُولَئِكَ الَّذِينَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ 22 أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِنَ الْكِتَابِ يُدْعَوْنَ إِلَى كِتَابِ اللهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلَّى فَرِيقٌ مِنْهُمْ وَهُمْ مُعْرِضُونَ 23 ذَلِكَ بِأَنَّهُمْ قَالُوا لَنْ تَمَسَّنَا النَّارُ إِلَّا أَيَّامًا مَعْدُودَاتٍ وَ غَرَّهُمْ فِي دِينِهِمْ مَا كَانُوا يَفْتَرُونَ 24 فَكَيْفَ إِذَا جَمَعْنَاهُمْ لِيَوْمٍ لَا رَيْبَ فِيهِ وَ وُفِّيَتْ كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ 25 قُلِ اللهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَنْ تَشَاءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَاءُ وَتُعِزُّ مَنْ تَشَاءُ وَتُذِلُّ مَنْ تَشَاءُ بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ 26 تُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَ - تُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَ - تُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَ - تُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَ - تَرْزُقُ مَنْ تَشَاءُ بِغَيْرِ حِسَابٍ 27
සිංහලෙන් අර්ථකථනය
(15) මේවාට වඩා ශ්‍රේෂ්ඨ දෑ ගැන මම නුඹලාට දන්වන්නෙම් දැයි (නබිවරය) විමසනු. බියබැතිමතුන් හට, ඔවුන්ගේ පරමාධිපති අබියස ඊට පහළින් ගංගාවන් ගලා බස්නා උයන් ඇත. ඔවුහු එහි සදාතනිකයෝය. තව ද අල්ලාහ්ගෙන් වූ පිළිගැනීම ද පිවිතුරු අඹුවන් ද ඇත. තව ද අල්ලාහ් එම ගැත්තන් පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය. (16) ඔවුහු කවරහු ද යත් අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම අපි විශ්වාස කළෙමු. එහෙයින් ඔබ අපට සමාව දෙනු මැනව ! තව ද නිරා ගින්නේ දඬුවමින් අප ව ආරක්ෂා කරනු මැනව ! යැයි පවසන්නෝ ය. (17) ඔවුහු ඉවසිලිවන්තයෝය. සත්‍ය පවසන්නෝය. යටහත් වන්නෝය. වියදම් කරන්නෝය. අලුයම් කාලයෙහි පපාක්ෂමාවෙහි නිරත වන්නෝය. (18) අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත යැයි සාක්ෂි දරයි. එමෙන් ම මලක්වරු ද යුක්තිය ඉටු කරමින් සිටින ඥානයෙන් යුත් අය ද (සාක්ෂි දරති.) සියුම් ඥානී සර්වබලධාරී ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. (19) නියත වශයෙන් ම අල්ලාහ් අබියස වූ දහම ඉස්ලාමය වේ. දේව ග්‍රන්ථය පිරිනමනු ලැබූ අය, ඔවුන් වෙත ඥානය පැමිණි පසු ව ඔවුන් අතර තිබූ ඊර්ෂ්‍යාව හේතුවෙන් මිස ඔවුහු භේද නොවූහ. තව ද කවරෙකු අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය. (20) එබැවින් නුඹ සමඟ ඔවුන් වාද කළේ නම්, එවිට මම මාගේ මුහුණ අල්ලාහ්ට යටහත් කළෙමි. තව ද මාව අනුගමනය කළ අය ද (එසේ යටහත් කළෝය) යැයි නුඹ පවසනු. තව ද නුඹලා යටහත් වූයෙහු දැයි දේව ග්‍රන්ථය පිරිනමනු ලැබූවන්ගෙන් හා ලිවීමේ කියවීමේ හැකියාව නොදරන්නන් ගෙන් විමසනු. ඔවුහු එසේ යටහත් වූයෙහු නම් එවිට සැබැවින් ම ඔවුහු යහමඟ ලැබුවෝය. ඔවුහු පිටුපෑවෙහු නම් එවිට ඔබේ වගකීම වනුයේ දන්වා සිටීම පමණ ය. තව ද අල්ලාහ් ගැත්තන් පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය. (21) නියත වශයෙන් ම අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරන යුක්තියෙන් තොර ව නබිවරුන් ව ඝාතනය කරන, සාධාරණ ලෙසින් (තීන්දු තීරණ) නියෝ කරන්නන්ව ඝාතනය කරන අය, වේදනීය දඬුවමක් ඇති බව නුඹ ඔවුනට ශුභාරංචි පවසනු. (22) මෙලොව හා මතුලොව තම ක්‍රියාවන් නිෂ්පල වී ගිය අය මොවුහු ම ය. තව ද ඔවුනට උදව් කරුවන්ගෙන් කිසිවෙක් හෝ නොමැත. (23) පුස්තකයෙන් කොටසක් පිරිනමනු ලැබූවන් ව නුඹ නොදුටුවෙහි ද? ඔවුන් අතර තීන්දු කරනු පිණිස අල්ලාහ්ගේ ග්‍රන්ථය වෙත ඔවුන් කැඳවනු ලැබන්නෝය. පසු ව ඔවුන් අතුරින් පිරිසක් ඔවුහු නොසලකා හරින්නන් ලෙස පිටුපා ගියෝය. (24) එය, නියමිත දින ගණනකට පමණක් මිස නිරය අපව ස්පර්ශ නොකරනු ඇතැයි ඔවුන් පැවසූ හේතුවෙනි. තව ද ඔවුන්ගේ දහමෙහි ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන් ව රවටා දැමුවේය. (25) කිසිදු සැකයක් නොමැති දිනයක අප ඔවුන් ව එක්රැස් කර සෑම ආත්මයක් සඳහා ම එය ඉපැයූ දෑ පූර්ණව දෙනු ලබන විට එය කෙසේ වේ ද ? තව ද ඔවුහු අපරාධ කරනු නොලබන්නෝය. (26) සියලු රාජ්‍ය පාලනයන් හි හිමිකරු වන අල්ලාහ්, ඔබ අභිමත අයට රජ්‍ය පාලනය පිරිනමන්නෙහිය. ඔබ අභිමත අයගෙන් රාජ්‍ය පාලනය ඉවත් කරන්නෙහිය. තව ද ඔබ අභිමත අය ව උසස් කරන්නෙහිය. ඔබ අභිමත අය ව පහත් කරන්නෙහිය. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහි ය. නියත වශයෙන්ම ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා ය. (27) ඔබ රාත්‍රිය දහවලෙහි ඇතුළත් කරන්නෙහිය. ඔබ දහවල රාත්‍රියෙහි ඇතුළත් කරන්නෙහිය. මළ දැයින් ජීවී දෑ පිට කරන්නෙහිය. ඔබ ජීවී දැයින් මළ දෑ පිට කරන්නෙහිය. තව ද ඔබ අභිමත අයට ගණනයකින් තොර ව පෝෂණය ලබා දෙන්නෙහිය.
පෙර පිටුවට ඊළඟ පිටුවට