මුල් පිටුවට

සූරතය/ පරිච්ඡේදය

සෙවුම
මිතුරන් දැනුවත් කිරීමට
Facebook Twitter Google LinkedIn Email

විමසීම්

සූරත් අන්-නිසා (කාන්තාවෝ) :ආයත් 1-11
මදීනාවෙහි දී හෙළිදරව් කෙරුණකි. ආයත් 176 කි
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَ خَلَقَ مِنْهَا زَوْجَهَا وَ بَثَّ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَ نِسَاءً وَ اتَّقُوا اللهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَ الْأَرْحَامَ إِنَّ اللهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا 1 وَ آتُوا الْيَتَامَى أَمْوَالَهُمْ وَ لَا تَتَبَدَّلُوا الْخَبِيثَ بِالطَّيِّبِ وَ لَا تَأْكُلُوا أَمْوَالَهُمْ إِلَى أَمْوَالِكُمْ إِنَّهُ كَانَ حُوبًا كَبِيرًا 2 وَ إِنْ خِفْتُمْ أَلَّا تُقْسِطُوا فِي الْيَتَامَى فَانْكِحُوا مَا طَابَ لَكُمْ مِنَ النِّسَاءِ مَثْنَى وَ ثُلَاثَ وَ رُبَاعَ فَإِنْ خِفْتُمْ أَلَّا تَعْدِلُوا فَوَاحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ ذَلِكَ أَدْنَى أَلَّا تَعُولُوا 3 وَ آتُوا النِّسَاءَ صَدُقَاتِهِنَّ نِحْلَةً فَإِنْ طِبْنَ لَكُمْ عَنْ شَيْءٍ مِنْهُ نَفْسًا فَكُلُوهُ هَنِيئًا مَرِيئًا 4 وَ لَا تُؤْتُوا السُّفَهَاءَ أَمْوَالَكُمُ الَّتِي جَعَلَ اللهُ لَكُمْ قِيَامًا وَ ارْزُقُوهُمْ فِيهَا وَ اكْسُوهُمْ وَ قُولُوا لَهُمْ قَوْلًا مَعْرُوفًا 5 وَ ابْتَلُوا الْيَتَامَى حَتَّى إِذَا بَلَغُوا النِّكَاحَ فَإِنْ آنَسْتُمْ مِنْهُمْ رُشْدًا فَادْفَعُوا إِلَيْهِمْ أَمْوَالَهُمْ وَ لَا تَأْكُلُوهَا إِسْرَافًا وَ بِدَارًا أَنْ يَكْبَرُوا وَ مَنْ كَانَ غَنِيًّا فَلْيَسْتَعْفِفْ وَ مَنْ كَانَ فَقِيرًا فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ فَإِذَا دَفَعْتُمْ إِلَيْهِمْ أَمْوَالَهُمْ فَأَشْهِدُوا عَلَيْهِمْ وَ كَفَى بِاللهِ حَسِيبًا 6 لِلرِّجَالِ نَصِيبٌ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَ الْأَقْرَبُونَ وَ لِلنِّسَاءِ نَصِيبٌ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَ الْأَقْرَبُونَ مِمَّا قَلَّ مِنْهُ أَوْ كَثُرَ نَصِيبًا مَفْرُوضًا 7 وَ إِذَا حَضَرَ الْقِسْمَةَ أُولُو الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينُ فَارْزُقُوهُمْ مِنْهُ وَ قُولُوا لَهُمْ قَوْلًا مَعْرُوفًا 8 وَلْيَخْشَ الَّذِينَ لَوْ تَرَكُوا مِنْ خَلْفِهِمْ ذُرِّيَّةً ضِعَافًا خَافُوا عَلَيْهِمْ فَلْيَتَّقُوا اللهَ وَلْيَقُولُوا قَوْلًا سَدِيدًا 9 إِنَّ الَّذِينَ يَأْكُلُونَ أَمْوَالَ الْيَتَامَى ظُلْمًا إِنَّمَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ نَارًا وَ سَيَصْلَوْنَ سَعِيرًا 10 يُوصِيكُمُ اللهُ فِي أَوْلَادِكُمْ لِلذَّكَرِ مِثْلُ حَظِّ الْأُنْثَيَيْنِ فَإِنْ كُنَّ نِسَاءً فَوْقَ اثْنَتَيْنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَ وَ إِنْ كَانَتْ وَاحِدَةً فَلَهَا النِّصْفُ وَ لِأَبَوَيْهِ لِكُلِّ وَاحِدٍ مِنْهُمَا السُّدُسُ مِمَّا تَرَكَ إِنْ كَانَ لَهُ وَلَدٌ فَإِنْ لَمْ يَكُنْ لَهُ وَلَدٌ وَوَرِثَهُ أَبَوَاهُ فَلِأُمِّهِ الثُّلُثُ فَإِنْ كَانَ لَهُ إِخْوَةٌ فَلِأُمِّهِ السُّدُسُ مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصِي بِهَا أَوْ دَيْنٍ آبَاؤُكُمْ وَ أَبْنَاؤُكُمْ لَا تَدْرُونَ أَيُّهُمْ أَقْرَبُ لَكُمْ نَفْعًا فَرِيضَةً مِنَ اللهِ إِنَّ اللهَ كَانَ عَلِيمًا حَكِيمًا 11
සිංහලෙන් අර්ථකථනය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි. (1) අහෝ මිනිසුනි ! එක ම ආත්මකින් නුඹලා ව මවා එයින් එහි කළත්‍රය ද මවා ඔවුන් දෙදෙනාගෙන් අධික පිරිමින් ද කාන්තාවන් ද මැවූ නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. තව ද කුමක් පිළිබඳ ව නුඹලා එකිනෙකා අයිතින් ඉල්ලා සිටින්නේ ද ඔහුට ද ලේඥාතීත්වයට ද බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි සර්ව නිරීක්ෂකයා විය. (2) අනාථයින්ට ඔවුන්ගේ වස්තුව දෙනු. තව ද නුඹලා කිලිටි දෑ පිවිතුරු දෑ සමඟ හුවමාරු නොකරනු. නුඹලාගේ වස්තුව සමඟ ඔවුන්ගේ වස්තුව ඇතුළත් කර අනුභව නොකරනු. සැබැවින් ම එය මහත් වූ පාපයකි. (3) අනාථයින් විෂයෙහි නුඹලා යුක්තිය ඉටු නොකරනු ඇතැයි නුඹලා බිය වූයෙහු නම් එවිට කාන්තාවන්ගෙන් නුඹලාට ප්‍රිය මනාප දෙදෙනෙකු හෝ තිදෙනෙකු හෝ සිව් දෙනෙකු හෝ නුඹලා විවාහ කර ගනිවු. එවිට (ඔවුන් අතර) යුක්ති ගරුක ව කටයුතු කිරීමට නොහැකි වේ යැයි නුඹලා බිය වූයෙහු නම් එවිට එක් තැනැත්තියක් හෝ නුඹලාගේ දකුණත් හිමිකරගත් අය හෝ විවාහ කරගත යුතු යි. නුඹලා අයුක්තිය ඉටු නොකිරීමට එය වඩා සමීප ය. (4) තව ද නුඹලා (විවාහ වන) කාන්තාවන්ට ඔවුන්ගේ මහර් හෙවත් විවාහ දීමනාවන් පිරිනමනු. නමුත් ඔවුන් ඉන් කිසිවක් නුඹලාගෙන් කිසිවෙකුට ස්වකැමැත්තෙන් පිරිනැමුවේ නම් එවිට නුඹලා එය සතුටින් හා රසවත් ව අනුභව කරනු. (5) තව ද අල්ලාහ් නුඹලාට නඩත්තුව පිණිස පැවරූ නුඹලාගේ වස්තුව බුද්ධි මට්ටම හීනවී ඇත්තන්ට පිරි නොනමනු. තව ද ඒවායෙහි ඔවුනට පෝෂණය ලබා දෙනු. තව ද වස්ත්‍ර ද ලබා දෙනු. තව ද ඔවුනට යහ වදනින් කතා කරනු. (6) අනාථයින් විවාහ වියට පත් වන තුරු ඔවුන් ප්‍රවේසමෙන් රැකබලා ගනු. ඔවුන් අතුරින් (වගකීම් දරන) නිවැරදි මඟක් දුටුවෙහු නම් එවිට ඔවුනට ඔවුන්ගේ වස්තුව නුඹලා බාර දෙනු. තව ද ඔවුන් වැඩිවියට පත්වනු ඇත (එවිට ඒවා ලබා දිය යුතු වේ) යැයි ඉක්මන් හා නාස්තිකාර ලෙස ඒවා අනුභව නොකරනු. තව ද කවරෙකු පොහෝසත් වන්නේ ද ඔහු (එය පරිහරනය කිරීමෙන් වැළකී) තැන්පත් බව රැකිය යුතු ය. තව ද කවරෙකු දිළිඳු වන්නේ ද ඔහු යහ අයුරින් (සාධාරණ ලෙස) අනුභව කළ යුතු ය. නුඹලා ඔවුන්ගේ වස්තුව ඔවුනට පවරන විට ඔවුන් වෙත සාක්ෂිකරුවන් ඉදිරිපත් කරනු. විභාග කරන්නාගෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය. (7) දෙමාපියන් හා සමීප ඥාතීන් අත හැර දමා ගිය දැයින් කොටසක් පිරිමි පාර්ශවයට ඇත. එමෙන් ම දෙමාපියන් හෝ සමීප ඥාතීන් අත හැර දමා ගිය දැයින් කාන්තා පාර්ශවයට ද කොටසක් ඇත. එයින් අඩු වූ දෑ වුව ද අධික වූ දෑ වුව ද නියම කරන ලද කොටසක් වශයෙන් ඇත. (8) බෙදීමේ දී (වස්තුවට උරුමකම් නොලබන) ඥාතීන් ද අනාථයින් ද දුගියන් ද සහභාගී වූයේ නම් එවිට නුඹලා එයින් ඔවුන් ව පෝෂණය කරනු. තව ද යහ වදනින් ඔවුනට කතා කරනු. (9) තමන්ට පසු ව දුර්වල පරපුරක් හැර දමා ගොස් ඔවුන් කෙරෙහි බියවන අය මෙන් (අනාථයින් සම්බන්ධව ද) ඔවුන් බිය විය යුතු යි. එබැවින් අල්ලාහ්ට ඔවුන් බියබැතිමත් විය යුතු යි. තව ද ඔවුන් ඍජු වදනින් අවංක ව කතා කළ යුතුයි. (10) නියත වශයෙන් ම අනාථයින්ගේ වස්තුව අයුක්ති සහගතව අනුභ ව කරන්නන්, (සැබැවින් ම) ඔවුන්ගේ කුසෙහි ඔවුන් අනුභව කරනුයේ (නිරයේ) ගින්න ය. තව ද ඔවුහු ඇවිළෙන ගින්නට පිවිසෙති. (11) අල්ලාහ් නුඹලාගේ දරුවන් විෂයෙහි, පිරිමියාට කාන්තාවන් දෙදෙනෙකුගේ පංගුව මෙන් විය යුතු යැයි උපදෙස් දෙන්නේය. නමුත් දෙදෙනෙකුට වඩා කාන්තාවන් වූයේ නම් එවිට තමන් හැර දමා ගිය දැයින් තුනෙන් දෙකක් ඔවුනට විය යුතු ය. එක් තැනැත්තියක පමණක් වූවා නම් එවිට ඇයට අඩකි. තව ද තම දෙමාපියන් විෂයෙහි, ඔහුට දරුවෙකු වී ඔහු හැර දමා ගිය දැයින් ඔවුන් දෙදෙනාගෙන් එක් එක් අයෙකුට හයෙන් පංගුවක් විය යුතු යි. නමුත් ඔහුට දරුවෙකු නොවී නම් එයට තම දෙමාපියන් උරුමකම් කියන්නේ නම් එවිට තම මවට තුනෙන් එකකි. නමුත් ඔහුට සහෝරයෙකු සිටී නම් ඔහු කවර දෙයක් සම්බන්ධව අන්තිම කැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ද ඉන් පසු ව හා ණය පියවීමෙන් පසු ව තම මවට හයෙන් පංගුවක් සතු වේ. නුඹලාගේ දෙමාපියන් හා නුඹලාගේ දරුවන් වන ඔවුන් අතුරින් නුඹලාට ප්‍රයෝජනය ගෙන දීමට වඩාත් සමීපතයින් කවුරුන් දැයි නුඹලා නොදන්නෙහුය. (මෙය) අල්ලාහ්ගෙන් වූ නියමයකි. නියත වශයෙන් ම අල්ලාහ් සර්වඥානී සර්ව ප්‍රඥාවන්ත විය.