මුල් පිටුවට

සූරතය/ පරිච්ඡේදය

සෙවුම
මිතුරන් දැනුවත් කිරීමට
Facebook Twitter Google LinkedIn Email

විමසීම්

79 සූරත් අන්-නාසිආහ් (තදින් ගලවන්නෝ)
මක්කාහ්වෙහි දී හෙළිදරව් කෙරුණකි. ආයාත් 46 කි.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَ النَّازِعَاتِ غَرْقًا 1 وَ النَّاشِطَاتِ نَشْطًا 2 وَ السَّابِحَاتِ سَبْحًا 3 فَالسَّابِقَاتِ سَبْقًا 4 فَالْمُدَبِّرَاتِ أَمْرًا 5 يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ 6 تَتْبَعُهَا الرَّادِفَةُ 7 قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌ 8 أَبْصَارُهَا خَاشِعَةٌ 9 يَقُولُونَ أَئِنَّا لَمَرْدُودُونَ فِي الْحَافِرَةِ 10 أَئِذَا كُنَّا عِظَامًا نَخِرَةً 11 قَالُوا تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ 12 فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ 13 فَإِذَا هُمْ بِالسَّاهِرَةِ 14 هَلْ أَتَاكَ حَدِيثُ مُوسَى 15 إِذْ نَادَاهُ رَبُّهُ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى 16 اذْهَبْ إِلَى فِرْعَوْنَ إِنَّهُ طَغَى 17 فَقُلْ هَلْ لَكَ إِلَى أَنْ تَزَكَّى 18 وَ أَهْدِيَكَ إِلَى رَبِّكَ فَتَخْشَى 19 فَأَرَاهُ الْآيَةَ الْكُبْرَى 20 فَكَذَّبَ وَ عَصَى 21 ثُمَّ أَدْبَرَ يَسْعَى 22 فَحَشَرَ فَنَادَى 23 فَقَالَ أَنَا رَبُّكُمُ الْأَعْلَى 24 فَأَخَذَهُ اللهُ نَكَالَ الْآخِرَةِ وَ الْأُولَى 25 إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لِمَنْ يَخْشَى 26 أَأَنْتُمْ أَشَدُّ خَلْقًا أَمِ السَّمَاءُ بَنَاهَا 27 رَفَعَ سَمْكَهَا فَسَوَّاهَا 28 وَ أَغْطَشَ لَيْلَهَا وَ أَخْرَجَ ضُحَاهَا 29 وَ الْأَرْضَ بَعْدَ ذَلِكَ دَحَاهَا 30 أَخْرَجَ مِنْهَا مَاءَهَا وَ مَرْعَاهَا 31 وَ الْجِبَالَ أَرْسَاهَا 32 مَتَاعًا لَكُمْ وَ لِأَنْعَامِكُمْ 33 فَإِذَا جَاءَتِ الطَّامَّةُ الْكُبْرَى 34 يَوْمَ يَتَذَكَّرُ الْإِنْسَانُ مَا سَعَى 35 وَ بُرِّزَتِ الْجَحِيمُ لِمَنْ يَرَى 36 فَأَمَّا مَنْ طَغَى 37 وَ آثَرَ الْحَيَاةَ الدُّنْيَا 38 فَإِنَّ الْجَحِيمَ هِيَ الْمَأْوَى 39 وَ أَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَ نَهَى النَّفْسَ عَنِ الْهَوَى 40 فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَى 41 يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا 42 فِيمَ أَنْتَ مِنْ ذِكْرَاهَا 43 إِلَى رَبِّكَ مُنْتَهَاهَا 44 إِنَّمَا أَنْتَ مُنْذِرُ مَنْ يَخْشَاهَا 45 كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوا إِلَّا عَشِيَّةً أَوْ ضُحَاهَا 46
සිංහලෙන් අර්ථකථනය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි. (1-5) දැඩි ලෙස ගලවන්නන් මත දිවුරමින්. තවද මෘදු ලෙස ගලවන්නන් මත ද පාවෙමින් කිමිදෙන්නන් මත ද එවිට එවිට තරගකාරී ලෙස තරග වදින්නන් මත ද තවද කටයුතු සැළසුම් කරන්නන් මත ද (දිවුරමින්) (6) මහත් කම්පනයකින් (ලොව) කම්පනය වන දිනය (7) එයට අනුපිළිවෙළින් කම්පනය සිදු වනු ඇත. (8) එදින හදවත් (බියෙන්) තැති ගනියි (9) ඔවුන්ගේ බැල්ම බියෙන් පවතී. (10) නියත වශයෙන්ම අපි පෙර තත්ත්වයටම නැවත හරවනු ලබන්න්නෝ වන්නෙමුදැ යි ඔවුහු පවසති. (11) අප දිරාගිය ඇටකටු බවට පත්වූයේ නම් ද (12) එසේ නම්, එය අලාභවන්ත හැරීමකි යැයි ඔවුහු පවසති. (13) එසේ නම්, එය එක් භයානක හඬකි. (14) එවිට ඔවුහු (විනිශ්චය සඳහා) එළිමහන් තැනක(සිටින්නෝ)ය. (15) මූසාගේ තොරතුරු ඔබට ලැබුණේද? (16) ඔහුගේ පරමාධිපති ඔහුව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට (17) ඔබ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත. (18) එවිට ඔබ පිවිතුරු වීමට ඔබට (කැමැත්තක්) ඇත්දැයි පවසනු. (19) තවද නුඹ (පාපයෙන් මිදී) පිවිතුරැ වන්නට ද මා නුඹට නුඹගේ රබ් (පරමාධිපති වෙත මඟ පෙන්වා එවිට නුඹ (ඔහුට) බියවන්නට ද (කැමැත්තක්) ඇත්දැයි (මූසා) නුඹ පවසනු. (20) එවිට ඔහු(මූසා) ඔහුට මහා සංඥාව පෙන්වුයේය. (21) නමුත් ඔහු (ෆිර්අවුන් එය) බොරු යැයි කීවේය. තවද පිටු පෑවේය. (22) පසුව (ඔහුගෙන් වෙන් වී) පසු බැස ගොස් (ඔහුට හානි කිරීමට) වෑයම් කළේය. (23) එවිට ඔහු (ජනයා) රැස් කොට (ඔවුන්ව) ඇමතුවේය. (24) තවද මම නුඹලාගේ උසස් පරමාධිපති වෙමි යැයි ඔහු පැවසුවේය. (25) එහෙයින් අල්ලාහ් මෙලොව හා පරලොව දඬුවමට ඔහුව හසු කර ගත්තේය. (26) නියත වශයෙන්ම (අල්ලාහ්ට) බියවන්නෙකුට එහි පාඩමක් ඇත. (27) මැවීමට බලවත් වන්නේ නුඹලා ද නැතහොත් අහස ද? එය ඔහු(අල්ලාහ්) නිර්මාණය කළේය. (28) ඔහු එහි වියන ඔසවා පසුව එය නිවැරදිව සැකසුවේය. (29) තවද ඔහු එහි රාත්‍රිය (අඳුරෙන්) ආවරණය කර එහි දහවල හෙළි කළේය. (30) තවද මහපොළොව, ඉන් පසුව ඔහු එය දිග හැරියේය. (31) ඔහු එයින් එහි ඇති ජලය ද එහි ඇති තණබිම් ද පිට කළේය. (32) තවද කඳු, එය ඔහු ස්ථාපිත කළේය. (33) නුඹලාට හා නුඹලාගේ ගොවිපල සතුන්ට භුක්ති විඳීමක් වශයෙනි. (34) එහෙත් මහත් ව්‍යසනය පැමිණි විට (35) එදින මිනිසා තමන් උත්සාහ කළ දෑ සිහිපත් කරන්නේය. (36) තවද නරඹන්නන්ට නිරය හෙළි කරනු ලබයි. (37-39) එහෙයින් සීමාව ඉක්මවා ගිය වූ අය කලී නම් මෙලොව ජීවිතය තෝරා ගත් අය නම්, සැබැවින්ම නිරය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ. (40-41) තවද තම පරමාධිපතිගේ සන්නිධාන(යේ පෙනී සිටීම)ට බිය වී තම ආත්මය ආශාවන්ගෙන් වළක්වා ගත් අය වූ කලී නම්, සැබැවින්ම ස්වර්ගය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ. (42) එම හෝරාව, එය කවදා සිදුවන්නේ දැයි ඔවුහු ඔබගෙන් විමසති. (43) ඒ පිළිබඳ පැවසීමට ඔබට කුම(න බලය)ක් තිබේද? (44) එහි අවසන් තීන්දුව නුඹගේ පරමාධිපති වෙත ය. (45) ඒ පිළිබඳ බිය වන්නන්ට සැබැවින්ම නුඹ අවවාද කරන්නෙක් පමණි. (46) සැබැවින්ම ඔවුන් එදින සවස් කාලයක් හෝ දිවා කාලයක් හෝ මිස රැඳී නොසිටියාක් මෙනි.