මුල් පිටුවට

සූරතය/ පරිච්ඡේදය

සෙවුම
මිතුරන් දැනුවත් කිරීමට
Facebook Twitter Google LinkedIn Email

විමසීම්

89 සූරත් අල්-ෆජ්ර් (අරුණෝදය)
මක්කාහ්වෙහි දී හෙළිදරව් කෙරුණකි. ආයාත් 30 කි.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَ الْفَجْرِ 1 وَ لَيَالٍ عَشْرٍ 2 وَ الشَّفْعِ وَ الْوَتْرِ 3 وَ اللَّيْلِ إِذَا يَسْرِ 4 هَلْ فِي ذَلِكَ قَسَمٌ لِذِي حِجْرٍ 5 أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ 6 إِرَمَ ذَاتِ الْعِمَادِ 7 الَّتِي لَمْ يُخْلَقْ مِثْلُهَا فِي الْبِلَادِ 8 وَ ثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ 9 وَ فِرْعَوْنَ ذِي الْأَوْتَادِ 10 الَّذِينَ طَغَوْا فِي الْبِلَادِ 11 فَ أَكْثَرُوا فِيهَا الْفَسَادَ 12 فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ 13 إِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ 14 فَأَمَّا الْإِنْسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَ نَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ 15 وَ أَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ 16 كَلَّا بَلْ لَا تُكْرِمُونَ الْيَتِيمَ 17 وَ لَا تَحَاضُّونَ عَلَى طَعَامِ الْمِسْكِينِ 18 وَ تَأْكُلُونَ التُّرَاثَ أَكْلًا لَمًّا 19 وَ تُحِبُّونَ الْمَالَ حُبًّا جَمًّا 20 كَلَّا إِذَا دُكَّتِ الْأَرْضُ دَكًّا دَكًّا 21 وَ جَاءَ رَبُّكَ وَ الْمَلَكُ صَفًّا صَفًّا 22 وَ جِيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ يَوْمَئِذٍ يَتَذَكَّرُ الْإِنْسَانُ وَ أَنَّى لَهُ الذِّكْرَى 23 يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي 24 فَيَوْمَئِذٍ لَا يُعَذِّبُ عَذَابَهُ أَحَدٌ 25 وَ لَا يُوثِقُ وَثَاقَهُ أَحَدٌ 26 يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ 27 ارْجِعِي إِلَى رَبِّكِ رَاضِيَةً مَرْضِيَّةً 28 فَادْخُلِي فِي عِبَادِي 29 وَ ادْخُلِي جَنَّتِي 30
සිංහලෙන් අර්ථකථනය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි. (1-4) අරුණෝදය මත ද දස රාත්‍රියන් මත ද ඉරට්ටේ හා ඔත්තේ මත ද රාත්‍රිය ගෙවී යන විට ඒ මත ද දිවුරමින්. (5) නුවණ ඇති අයට එහි (ප්‍රමාණවත්) දිවුරුමක් ඇත් ද? (6-12) ඒවා මෙන් කිසිවක් දේශයන්හි මවනු නොලැබූ කුළුණුවලින් යුක්ත ඉරම් නගරයේ ආද් ජනයාටත් නිම්නයන්හි ගල් පර්වත කැනූ සමූද් ජනයාටත් රිටිවලට හිමිකම් පෑ දේශයන්හි සීමාව ඉක්මවා ගිය ෆිර්අවුන්(ගේ වර්ගයාට)ත් නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද ඔවුහු එහි කලහකම් අධික ව කළෝය. (13-14) එහෙයින් නුඹගේ පරමාධිපති ඔවුන් මත දඬුවමේ කසපහර හෙළුවේය. සැබැවින්ම නුඹගේ පරමාධිපති සුපරික්ෂාකාරීව සිටින්නාය. (15) එනමුත් මිනිසා වූ කලී, ඔහුගේ පරමාධිපති ඔහුව පරීක්ෂාවට ලක් කර පසුව ඔහුට උපකාර කර ඔහුට දායාදයන් පිරිනැමූ කල්හි මාගේ පරමාධිපති මට උපකාර කළේය යැයි ඔහු පවසයි. (16) තවද ඔහුව පරීක්ෂාවට ලක් කර පසුව ඔහුගේ ජීවන සම්පත් ඔහුට සීමා කළ කල්හි, එවිට ඔහු මාගේ පරමාධිපති මට අවමන් කළේය යැයි පවසයි. (17-20) නොඑසේය, නුඹලා අනාථයාට උපකාර නොකරන්නෙහුය. තවද නුඹලා දුගියාට ආහාර සැපයීම කෙරෙහි දිරි නොගන්වන්නෙහුය. තවද නුඹලා උරුමයන් (නීත්‍යානුකූල නොවන පරිදි) දැඩි ලෙස අනුභව කරන්නෙහුය. එමෙන්ම සම්පූර්ණ ලැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහුය. (21) මහපොළොව කැබලි කැබලි වශයෙන් සුනු විසුණු කරනු ලැබූ කල්හි (22) තවද මලක්වරු පෙළින් පෙළට සිටිය දී නුඹගේ පරමාධිපති පැමිණෙන්නේය. (23) තවද එදින නිරය ගෙන එනු ලැබේ. එදින මිනිසා සිහිපත් කරයි. එම සිහිපත් කිරීම ඔහුට කෙසේ (නම් ඵලක්) වන්නේ ද! (24) අහෝ මම මාගේ ජීවිතයට (යහකම්) පෙරටු කරන්නට නොතිබුණෙම් දැයි පවසයි. (25) එවිට එදින ඔහුගේ දඬුවම මෙන් කිසිවෙක් දඬුවම් නොකරයි. (26) තවද ඔහුගේ බැඳීම මෙන් කිසිවෙක් (අපරාධකරුවන්ව) බැඳ නොතබන්නේය. (27-30) අහෝ සැනසුමට පත් ආත්මය! නුඹ තෘප්තියට පත් වන්නෙකු ලෙස ද තෘප්තියට පත් කරනු ලබන්නෙකු ලෙස ද නුඹගේ පරමාධිපති වෙත හැරී යනු. එවිට (අල්ලාහ් මෙසේ පවසයි) නුඹ මාගේ ගැත්තන් අතරට යනු. තවද මාගේ ස්වර්ගයට පිවිසෙනු.